SAMADHI

Buddhist Meditation Centre

A place for mindfulness and seclusion

සැනසුම් අරණ

සැනසුම් අරණ

රමණීයානි අරඤ්ඤානි
යත්ථ න රමතී ජනො
වීතරාගා රමිස්සන්ති
නතේ කාම ගවේසිනෝ…………………………..

දවසක් දා වන – අරණකට පිවිසුණා
මහ වනස්පතීන් – මිහිතලයට – සෙවනක් මැ වුණා
අරණේ නෙක තුරු – එක මව් දරු සේ – සැමට දිස් වුණා
සැමට සෙවණ දී – සැවොම බලා ගෙන ………….
යෙහෙන් බැබළුණා……//

සිත් පිත් නැති වනරුක් – සමඟියෙන් – වැජඹුණා
මේ පරමාදර්ශය — මනුලොව මිනිසුන්……..
හද තුළ මැ රඳවනා
සාමය – සමගිය – අගයනා – වෛරය තරඟය දුරලනා
මේ වන අරණින් – ජීවන පාඩම උගත මනා……..//

කුමටද මේ තරඟ කරන්නේ
මොනවද යනකොට අරගෙන යන්නේ
කී දවසද ඔබ ඉන්න සිතන්නේ
මරණය පසු පස ලුහු බැඳ එන්නේ……//

සදා හරිත වන අරණට යන්නේ
තෙරුවන් ගුණ ම යැ මෙනෙහි කරන්නේ
සිත් සකසා විදසුන් මැ වඩන්නේ
නිවුණු සිතක් මැයි හිමි කර ගන්නේ………//

පද පෙළ: – පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ

Liked this post? Share with others!

Related Posts