SAMADHI

Buddhist Meditation Centre

A place for mindfulness and seclusion

මහ සඟ රුවන

මහ සඟ රුවන

සන්තින්ද්‍රියා සන්තමානසා – සන්තං තේසං ගතං ඨිතං
ඔක්ඛිත්තචක්ඛු මිතභාණී – තාදිසා සමණා මම

පරිමණ්ඩලයෙන් චීවර පොරවා………….
සන්සුන් ගමන් වඩින්නේ ……………..
දුටුවන් පහදන – පැහැදුන් පසසන
චරියාවයි මේ බුදු – පුතුගෙන් සුදිලෙන්නේ ………..
සැරියුත් මුගලන් අනඳ රහල් හිමි
පරපුර ගුරු කොට – පිළිවෙත් සපුරන්නෝ ……….
මේ සඟ රුවනයි මම නමදින්නේ…..

ගමන ශාන්තයි – වදන් සුමිහිරියි
පිළිවෙත් ගැඹුරුයි – පින් මඟ පෙන්වයි
සිල් ගුණ සපුරයි – දම්පද අගයයි
සඟ වත පුරවයි – බුදු ගුණ නමදියි
මේ සඟ රුවනයි මම නමදින්නේ…..


බවුන් වැඩීමයි – විදසුන් වැඩුමයි
නිවීම අගයයි – නිවනම පැතුමයි
මේ සඟ රුවනයි මම නමදින්නේ…..
මේ සඟ රුවනයි මම නමදින්නේ…..
මේ සඟ රුවනයි මම නමදින්නේ…..

පද පෙළ:- පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ

Liked this post? Share with others!

Related Posts