පෙරකම් මනරම්
පෙරකම් මනරම් සේ සුදිලේ මැයි
මිනිස්කමයි කම්පල තතු හඟවන්නේ
අබල දුබල නෑ මහමඟ තනිවී – යාචක වී නෑ
මේ පෙර පින්මයි පලදී ඉන්නේ ……….//
දන් සිල් බවුන් වඩා – සරසමු දිවිය වඩා
පාපී සිතකට ඉඩක් නොදී
නිකෙලෙස් සිතකම සිටිමු රැදී අපි …………….//
කාලය ගෙවුණා …………
අස්ථිර දිවියයි – නිත්‍ය මරණයයි
ඉසි කෝ මන් දුරලා -මෙත් කරුණා මුදිතා
දහම් වඩමු අපි එකතු වෙලා …………..//
රැස් කර වෙහෙස වුණා……………….
තෘෂ්ණා නදියේ – ගිලී – වැනසුනා …………………
නෑ කිසිවක් ගෙනයන්නේ –
සැනසුම් හිතක් හදා………………..
නිදහස් මනසින් – බහා – ලූ – බරකින්………………..
සාදු කියා අපි සමු ගන්නේ …..//
සාදු කියා අපි සමු ගන්නේ …..//
සාදු කියා අපි සමු ගන්නේ …..//
පද පෙළ :- පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ
Transcript


























