SAMADHI

Buddhist Meditation Centre

A place for mindfulness and seclusion

දළදා සමිඳු වන්දනා

දළදා සමිඳු වන්දනා

ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං

සාදු …./ සාදු ….// සාදු …///

සෙංකඩගල පුර – දළදා මැදුරෙන්
බේරී නාදය – හොරණෑ රාවය
තුන් ලොව දස අත පැතිරෙන්නේ…….//

ගෞතම සමිඳුගෙ ගුණ සිහිකරනා
දෙසූ දහම් පද සිත්හි රැව් දෙනා
සාදු නාද දී සමිඳු වන්දනා ….//

මුළු මහ නුවරම අසිරියමත් වුණා
සැදැහැති ජන ගඟ නිරතුරු ඇදුනා
දළදා වැඳුමට පිරිස රැස් වුණා ……//

ඇසළ පෙරහැරත් සමිඳු පුදන්නයි
ඇත් රජු පිට දළදාව වඩින්නයි
අසිරිය මිහිකත මවිත කරන්නයි…..//

සාදු සාදු මම දළදා සමිඳු වඳින්නේ …//
සාදු සාදු මම දළදා සමිඳු වඳින්නේ …//
සාදු සාදු මම දළදා සමිඳු වඳින්නේ …//

පදපෙළ :- පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ

Liked this post? Share with others!

Related Posts